Wednesday, March 21, 2012

අන්නාසි වගාව 01

ලංකාව කෘෂිකාර්මික රටක්.ඒනිසාම බොහෝ වගාන් අපේ රටේ සිද්ද කරණවා.මට පහුගිය දවසක අන්නාසි වගාකරන සේවා ලාභියෙක් මුණ ගැහුණා.ඔහුත් එක්ක කථාකරද්දි මට තේරැණ දෙයක් තමයි,අපේ අය වගා කලාට ඒ සම්බන්ධ තාක්ෂණික දැනුම ගොඩක් අඩු බව.ඒ නිසා තාක්ෂණික දැණුම හුවමාරැ කිරීමේ වැඩසටහනක් ගැන හිතුව.ඒකෙ එක් කොටසක් විදියට වගාවන් සම්බන්ධ තාක්ෂණික දැණුම ලබාදෙන්න පෝස්ට් ලියන්න හිතුවා.අද ලියන්නෙ අන්නාසි වගාව ගැන.මේ තොරතුරැ ලබාගත්තෙ කෘෂිකර්ම දෙපාර්ත මේන්තුවේ වෙබ් අඩවියෙන්..මේ පළවෙනි කොටස


අන්නාසි බ්‍රොමිලියේසි කුලයට අයත් වේ. මෙහි මූලාරම්භය බ්‍රසීලය යයි සලකනු ලැබේ. එය අළුත් පලතුරක් වශයෙන්ද ටින්වල අසුරන ලද පලතුරක් ලෙසද (ජෑම්, චට්නි, කොඩියල්) ආහාරයට ගනු ලැබේ. වෙනත් බොහෝ පලතුරු වර්ග වලට වඩා දේශීයව සහ විදේශීයව පවතින ඉල්ලුම අධික නිසා මෙය වැඩි වාණිජමය වැදගත්කමක් සහිත බෝගයක් වශයෙන් සලකණු ලැබේ. චීනය හා පිලිපීනය වැනි රටවල අන්නාසි පත්‍ර වලින් ලබා ගන්නා කෙඳි රෙදිපිළි නිෂ්පාදනය සඳහා යොදා ගැනේ. එසේම ඉදුණු ගෙඩිවලින් වයින් සහ විනාකිරි නිපදවනු ලැබේ. තරමක් පැසුණු ගෙඩි වලින් රසවත් ව්‍යාංජනයක්ද සාදාගත ගනී.

මෙහි ඖෂධීය ගුණයක්ද පවතී. එනම් පණු නාශක ගුණයක්සේම විරේක බොහෙතක් ලෙසද පත්‍ර මිරිකා ලබා ගන්නා යුෂ යොදා ගැනේ. නොමේරූ ගෙඩිවල ඇති විෂ සහිත සංයෝගයක් මඟින් බඩ විරේක වීම සහ ගබ්සා වීම සිදුවේ. අමු ගෙඩි විනාකිරි සමඟ ආහාරයට ගැනීමෙන් උදරයෙහි වායු එක්රැස් වීම, (බඩ පිපීම) මග හැරී යයි.

පෝෂණ අගය
අන්නාසි මදය ග්‍රෑම් 100 ක අඩංගු ද්‍රව්‍ය

පෝෂණ ප්‍රමාණය
ජලයග්‍රෑම් 87.8
ශක්තිය කි.කැලරි 46
ප්‍රෝටීන් ග්‍රෑම් 0.4
මේදය  ග්‍රෑම් 01
පිෂ්ඨයග්‍රෑම් 10.8
කැල්සියම් මිලි ග්‍රෑම් 20
පොස්පරස්ග්‍රෑම් 9.00
යකඩ  මිලි ග්‍රෑම් 1.2
කැරෝටින් මයික්‍රො ග්‍රෑම් 18
තයමින් මයික්‍රො ග්‍රෑම් 200
රයිබොෆලෙවින් මයික්‍රො ග්‍රෑම් 120
නයසින්මයික්‍රො ග්‍රෑම් 0.1
විටමින් සීමයික්‍රො ග්‍රෑම් 39
සීනි14-16 %
ඇසිඩ්  4-5 %

ප්‍රභේද
මුරුසි
  • පත්‍ර කටු සහිතය. ගස මධ්‍යස්ථ ප්‍රමාණයකින් යුක්තයි.
  • අන්නාසි ගෙඩිය කේතු ආකාර හැඩයක් ගනී.
  • පොත්තේ වැඩි ගැඹුරකින් පිහිටා ඇති ඇස් පැහැදිලිව පිටතට නෙරා ඇත. ඉදුණු ගෙඩි වලින් ප්‍රසන්න සුවඳක් හමයි.
  • එවැනි ගෙඩිවල මදය තද රන්වන් කහ පැහැතිය.
  • පැණිරස බව වැඩිය. මේ වර්ගයේ ගසකින් වැඩි මෙරෙයියන් සංඛ්‍යාවක් ලබාගත හැක

කිව්
  • ටින්වල ඇසිරීමට යොදා ගනී. පත්‍රවල කටු රහිතය. මුරුසි වලට වඩා ගස විශාලය.
  • ගෙඩිය බොහෝදුරට සිලින්ඩරාකාරය. (බැරල් හැඩති) පොත්තේ ඇති ඇස් විශාලය, පැතිලිය, නොගැඹුරින් පිහිටා ඇත.
  • නොමේරූ ගෙඩි කළුවන් කොළ පැහැතිය.
  • මුරුසි වලට සාපේක්ෂව ඉදුණු ගෙඩි වල ඇඹුල් රසය වැඩිය. මදය ලා කහ පාටය. හොදින් ඉදුණුවිට මදය හා පොත්ත රන්වන් කහ පාටට හැරේ.
  • ගසකින් ලබාගත හැකි මොරෙයියන් සංඛ්‍යාව මුරුසි ප්‍රභේදයට වඩා අඩුය.
දේශගුණික සහ පාංශු අවශ්‍යතාවය
වසරකට මිලි මීටර් 1000 ක පමණ වර්ෂාපතනයක් සහ සෙන්ටි ග්‍රේට් 24-27 පමණ උෂ්ණත්වයක් පවතින ප්‍රදේශ වගාව සඳහා සුදුසු වේ. තවද මුහුදු මට්ටමේ සිට මීටර් 1220 අඩු බොරළු රතු කහ පොඩ්සොලික් හෝ ලෝම සහිත වැලි පසක් සහිත ජල වහනය හොද, හොද පසක් සුදුසු වන අතර භූ ජල මට්ටම අඩි 11ට අඩුවිය යුතුය. පසේ පී.එච්. අගය ද 5.5-7.5 වන ක්ෂාරීය නොවන මධ්‍යස්ථ පසක් විය යුතුයි.

රොපණ ද්‍රව්‍ය

මොරෙයියන් වර්ග කිහිපයකි. මේ එක් එක් මොරෙයියන්ගේ මල් හටගැනීමට ගතවන කාලය වෙනස්ය.
  1. මුල් මොරෙයියන්
  2. කඳ මොරෙයියන්
  3. නටු මොරෙයියන්
  4. කරඩුව
මොරෙයියන් වර්ගයස්වභාවිකව මල් හටගැනීමට ගතවන කාලය (මාස)
මුල් මොරෙයියන් 12 - 14
අක්ෂි මොරෙයියන්16 - 18
නටු මොරෙයියන්  20 - 22
කරඬුව24 වැඩි

බහුල වශයෙන් සිටුවීම සඳහා යෙදා ගන්නේ කඳ මොරෙයියන්ය. මොරයියන් හිඟ විටදී මුල් මොරයියන්ද සිටුවීමට ගනී. නටු මොරෙයියන් සහ කරඩුව සිටුවීමට යොදා ගන්නේ මුල් සහ අක්ෂි මොරෙයියන් ලබා ගැනීම අපහසු නම් පමණි. මීට අමතරව කඳ කැබලි වලට කපා සිටුවීමෙන්ද,පටක රෝපණය මඟින්ද, කරඩුව සිරස්ව පැලීම මඟින්ද, අග්‍රස්ථය ඉවත්කිරීම මඟින්ද පැළ නිපදවා ගත හැකිය.
මොරෙයියන් නිෂ්පාදනය සඳහා පහසු ක්‍රම

අග්‍රස්ථ ඉවත් කිරීම මඟින් පැළ ලබා ගැනීම

නව වගාවක් ආරම්භ කිරීමේදී බලපාන ප්‍රධාන ගැටළුව වන්නේ නීරෝගී මොරෙයියන් ලබා ගැනීමේ අපහසුතාවයයි. එම නිසා පහත අන්දමට මොරෙයියන් ඇති කර ගත හැකිය

හොදින් වැඩුණු පත්‍ර 15 ක් පමණ ඇති අන්නසි පැල සිටුවන්න. අන්නාසි ගස් පත්‍ර 25ක් පමණ වැඩුණු පසුව යකඩ වලින් සාදාගත් කුඩා උපකරණයකින් අග්‍රස්ථ අංකුරය ඉවත් කරන්න. සති 2කට වරක් යූරියා ග්‍රෑම් 1 ක් ජලය ලීටර් 1ක දියකර එක් ගසක ගොබයට දමන්න. එවිට එක් පැලයකින් මොරෙයියන් 4-9 පමණ සංඛ්‍යාවක් මාස 4 කදී ලබා ගත හැක. මේ මොරෙයියන් ගලවා ගත් පසු නැවත මාස4 කට වරක් බැගින් එවැනිම මොරෙයියන් 20-26 ක් ප්‍රමාණයක් වසරකදී ගසකින් ලබා ගත හැක. එසේ නැතිනම් සති 2 කට වරක් යූරියා ග්‍රෑම් 10ක් ජලය ලීටර් 1ක දියකර ගස් 10කට ස්ප්‍රේ කරන්න. මව් ගස් අතර පරතරය (පේළි තුල) වැඩි කිරීමෙන් හොඳ පැළ ලබාදීමේ හැකියාව වැඩිය.



මතු සම්බන්දයි.................................................


Thursday, March 8, 2012

වැල්දොඩම් වගා ව්‍යාපෘතිය


    • පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන වල ජනතාවට අපි අලුත් වගා ව්‍යාපෘතියක් හදුන්වා දුන්නා..ඒ තමයි වැල් දොඩම් වගා ව්‍යාපෘතිය.තේරෙන භාෂාවෙන් කීවොත් පැෂන් වගා ව්‍යාපෘතිය.මේක පුත්තලම දිස්ත්‍රික්කෙට අලුත් ව්‍යාපෘතියක්.ගස්වල පැෂන් වැල් යවල තිබුනට ආර්ථික භෝගයක් විදියට ඒක කවුරැත් වගා කරල තිබුනෙ නෑ..ඒ නිසා අපි මේ වගාව හදුන්වල දුන්න..........අඩු පිරිවැයක් දරල,වැඩි ආදායමක් ගන්න පුලුවන්,අඩු අවධානමක් තියන වගාවක්  විදියට පැෂන් වගාව හදුන්වන් පුලුවන්...ඉතින් ඒ ව්‍යාපෘතියෙ පියවරක් විදියට
            •  ව්‍යාපෘතිය සිදුකිරීමට කැමැත්තෙන් සිටින පිරිසක් පසුගිය දවසක ක්ෂේත්‍ර චාරිකාවක එක්කගෙන ගියා.



      ඒ තල්විල සර්වෝදය ශ්‍රමදාන සමිතියේ සාමාජික පිරිසක්.කුරැණෑගල ව්‍යවසාය ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ මගපෙන්වීම සටතේ ව්‍යාපෘතිය සිදුකරන වගාකරැවන් ගේ වගාවන් නරබන්න තමයි සහභාගි වුනේ.ඒ හෙට්ටිපොලෙන් හැරිල ගියාම හම්බවෙන හාතලව කියන ගමේ සණස සමිතියක සාමාජිකයන්ගේ වගාවක්.
      ඒ චාරිකාවෙදී වගාවට වලවල් කපා ගන්න තැන ඉදන් අස්වැන් අලවි කරන තැන දක්වාම සම්පූර්ණ අවබෝධයක් ලබාගන්න හැකියාව ලැබුණා.වගාව දැනට සිදුකරන ගොවි මහතුන්ගෙන්ම ඔවුන්ගේ ප්‍රායෝගික අත්දැකීම් දැනගන්න ලැබුණ නිසා වගාව සම්බන්ධව තිබුණු ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම් හොයාගන්නත් හැකියාව ලැබුණා.
      අනෙක් කාරනය පොල් වගාකල ඉඩමක යටිවගාවක් ලෙස වගාකල වැල් දොඩම් වගාවක් වගේම.තනි ඉඩමක වගාකල වගාවක් නරමන්න හැකියාව ලැබීම ප්‍රයෝජනවත් වුණා.මොකද චාරිකාවෙ යෙදුන බොහෝදෙනෙකුට පොල් ඉඩමෙම යටිවගාවක් විදියට තමයි වගාව සිදුකරන්න වෙන්නෙ.මොකද වෙන වගාවක් නැති ඉඩම් වැඩි පිරිසකට නැති නිසා……
      ඒ චාරිකාවෙන් පස්සෙ,දැන් පිරිසක් වලවල් කපල සූදානමෙන් ඉන්නවා හා හා පුරා කියල වගාවේ පැල හිටවන්න.ඒත් වැස්ස ටිකක් අඩු නිසා වැහි පොදක් වැටෙනකල් බලාගෙන ඉන්නවා……..ඒ වැස්ස අපිට ඉක්මනටම ලැබේවි…
                            


      Add caption

                        

      ..

ඔබගේ ව්‍යාපාරය ගැන ඔබම විමසන්න


හතු පිපෙනවා වගේ ව්‍යාපාරනම් පටන් ගන්නවා.ඒත් ඒ එකක්වත් සාර්ථක වෙන්නෙ නැ.අසාර්ථක වෙන ගොඩදෙනෙක් කියන්නෙ බිස්නසුත් වුනා,,සල්ලිත් ආවා,,ඒත් බිස්නස් එක පාඩුයිඒ නිසා වහල දැම්මා කියල තමයි.
කොහොම වුනත් අපේ රටේ ආරම්භ කරන සුලු පරිමාන ව්‍යාපාර ඉතා ඉක්මනින් වැසී යාම ව්‍යාපාර සංවර්ධන ක්ෂේත්‍රෙය් බර පතල ගැටලුවක්.මේ විදියට ව්‍යාපාර වැසී යාමට හේතු හොයාගෙන යද්දි ඒ සදහා බලපාන ප්‍රධාන හේතු කීපයක් තියනවා….
කොහොම වුනත් ඒ හේතු හොයන්නට තමන්ගෙ ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ ප්‍රශ්ණ 20 ට කෙනෙකු ලග තියෙන පිළිතුර ගොඩක් වැදගත්…..
බලන්න මේ ප්‍රශ්ණ වලට පිළිතුරැ කොයිවගේද කියල……………..

01 – මුදල් පොතක් තබා ගන්නවාද ?
02 – තොග වාර්ථා පවත්වාගෙන යනවාද?
03 – ඔබගේ මාසික ගැණිලි කොපමණද කියා දන්නවාද?
‍්04 – මාසික ආදායම කොපමණද කියා දන්නවාද?
05 – මාසික ලැබීම් කොපමණද කියා දන්නවාද?
06 – මාසික වියදම් කොපමණද කියා දන්නවාද?
07 – මාසික ගෙවීම් කොපමණද කියා දන්නවාද?
08 – මාසික ලාභා ආලාභ කොපමණද කියා දන්නවාද?
09 – ලෙජරයක් පවත්වාගෙන යනවාද?
10 – ශේෂ පිරික්සුමක් පවත්වාගෙන යනවාද?
11 – මාසික ක්ෂුද්‍ර මුදල් ප්‍රවාහය කොපමණද කියා දන්නවාද?
12 – වෙළද හා ලාභාලභ ගිණුමක් පවත්වාගෙන යනවාද?
13 – ස්ථාවර වත්කම් කොපමණද කියා දන්නවාද?
14 – ජංගම වත්කම් කොපමණද කියා දන්නවාද?
15 – මුලු වත්කම් කොපමණද කියා දන්නවාද?
16 – මුලු බාහිර ණය කොපමණද කියා දන්නවාද?
17 – අද දිනට ශුද්ද වත්කම් කොපමණද කියා දන්නවාද?
18 – අවම වශයෙන් දිනකට සෙවිය යුතු ආදායම කොපමණද කියා දන්නවාද?
19 – මාසික ආදායම් ඉලක්කය සාදාගන්නේ කෙසේද?
20 – ඉතිරි කිරීම ක්‍රමානුකූල පදනමකට සිදුකරනවාද?

අඩුම තරමෙ මේ ප්‍රශ්ණ ටිකට ඔව් කියන උත්තරේ නැත්නම් ඒ ව්‍යාපාරය වැහෙන එක වලක් වන්න බෑ.ව්‍යාපාර අසාර්ථක වුණ ගොඩ දෙනෙකුට මේ ප්‍රශ්ණ වලට තියෙන උත්තරේ තමයි නෑ කියන එක.මොකද ඒ අය හිතුවෙ එයාලගෙ හිතින් හැම දේම කරන්න පුලුවන් කියල.ඒත් ඒ මතය වැරදියි….
ඒ නිසා තරග කාරි ව්‍යාපාරය තුල ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට එන්නනම් මේ ප්‍රශ්ණ වටල ඔව් කියන උත්තරේ දෙන්න පුලුවන් විදියට හැදෙන්න වෙනවා..

ඒ ගැන කෙනෙකුට අවබෝධයතක් නැතිනම්,කරන විදියක් දන්නෙ නැතිනම්,තේරෙන් නැතිනම්,ඒ දේවල් කරන්කෙ කොහොමද කියල අපි කියල දෙන්න සුදානම්…………

Wednesday, March 7, 2012

බිම්මල් නිෂ්පාදන ව්‍යාපෘතිය


බිම්මල් හදන එක අමාරැ වැඩක් කියල තමයි හැමෝම කියන්නෙ..
ඒත් හරියට කලොත් අමාරැවක් නැ……..
හරියට කරන්නෙ කොහොමද කියල අපි කියල දෙනවා…
පුත්තලම දිස්ත්‍රීක්කය තුල විහිදී සිටින අඩු ආදායම් ලාබී හෝ අඩු වරප්‍රසාද ලත් පවුල් ඉලක්ක කරගෙන අපි  මේ ව්‍යාපෘතිය නිර්මානය කලා..හැබැයි කවුරැත් නොකරන විදියකට..
තනිපුද්ගල පුහුණු ක්‍රමවේදය අපි භාවිතා කරනවා..
තමන්ගෙ ගෙදරදීම අංග සම්පූර්ණ පුහුණුවක් අපි ලබා දෙනවා….ඒ විතරක් නෙමෙයි..
වෙළදපල සමීක්ෂණ්යක්
අලෙවි සැලැස්මක්
ව්‍යාපාර සැලැස්මක්
එක්ක් තමයි මේ වැපෙටන් ගන්නේ…..ඒ විතරක් නෙමෙයි..
යෙදවුම් සම්බන්දීකරණයත් කරනවා..
අවුරැද්දක් අපි ව්‍යාපාරය පසුවිපරම් කරනවා..උපදෙස් දෙනවා..පාර කියා දෙනවා.
ලංකාවේ වෙන කවුරැවත් භාවිතා නොකරන හිතකර ක්ෂුද්‍ර ජීවි තාක්ෂණය මගින් අස්වැන්න වැඩිකරගන්න විදිය කියල දෙනවා..
මේ ඔක්කොම අපි කලත් කරන කෙනා..
හැබැයි අපි කියන විදියට.අපේ අපදෙස් වලට..අනුව සැලැස්මකට අනුව වැඩ් කරන්න ඕනෙ..එහෙම කෙනෙකුට කාටවත් අත නොපා තමන්ගේ ව්‍යාපාරයක් ගෙඩනගා ගන්න පුලුවන්.හෙට අදට වඩා ලස්සන කරගන්න පුලුවන්..
හැමෝම මේකට ඇතුලත් කර ගන්නෙ නෑ..
ව්‍යවසායකත්ව ගතිලක්ෂණ තියන,කැපවීම හා උනන්දුව තියන,ඕනකම ඇති අය විතරක් අපි තොරගන්නවා..ඒ අයට පාර කියා දෙනවා..
මේ හැමදේකටම අවුරැද්දටම රැ.6000 ක් අපි ගන්නවා..ආදායමක් නැතිව ඉදල අපි මග කියා දීල.ඒ අනුව ගිහින් තමාගෙ ව්‍යාපාරයක් ගොඩනාගා ගත්තම ලැබෙන ආදායමෙන්  මාසික වාරික විදියට ඒක ගෙවන පුලුවන්.
ඇත්තටම අපි පුහුණුවක් දීල විතරක් නිකන් ඉන් නෑ.මොකද පුහුණුව කියන්නෙ ව්‍යාපාර සංවර්ධණයට එක උදව්වක් විතරයි කියල අපි දන්නවා.ඒ නිසා පුහුණුවට අමතරම ව්‍යාපාර සංවර්ධණයට අවශ්‍ය අනෙකුත් සේවා සැපයීම අපේ වගකීමක් කියලයි අපි හිතන්නෙ..අපි අනෙක් අයගෙන් වෙනස්වෙන්නෙ ඒකයි......