Thursday, March 8, 2012

වැල්දොඩම් වගා ව්‍යාපෘතිය


    • පුත්තලම දිස්ත්‍රික්කයේ ගම්මාන වල ජනතාවට අපි අලුත් වගා ව්‍යාපෘතියක් හදුන්වා දුන්නා..ඒ තමයි වැල් දොඩම් වගා ව්‍යාපෘතිය.තේරෙන භාෂාවෙන් කීවොත් පැෂන් වගා ව්‍යාපෘතිය.මේක පුත්තලම දිස්ත්‍රික්කෙට අලුත් ව්‍යාපෘතියක්.ගස්වල පැෂන් වැල් යවල තිබුනට ආර්ථික භෝගයක් විදියට ඒක කවුරැත් වගා කරල තිබුනෙ නෑ..ඒ නිසා අපි මේ වගාව හදුන්වල දුන්න..........අඩු පිරිවැයක් දරල,වැඩි ආදායමක් ගන්න පුලුවන්,අඩු අවධානමක් තියන වගාවක්  විදියට පැෂන් වගාව හදුන්වන් පුලුවන්...ඉතින් ඒ ව්‍යාපෘතියෙ පියවරක් විදියට
            •  ව්‍යාපෘතිය සිදුකිරීමට කැමැත්තෙන් සිටින පිරිසක් පසුගිය දවසක ක්ෂේත්‍ර චාරිකාවක එක්කගෙන ගියා.



      ඒ තල්විල සර්වෝදය ශ්‍රමදාන සමිතියේ සාමාජික පිරිසක්.කුරැණෑගල ව්‍යවසාය ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ මගපෙන්වීම සටතේ ව්‍යාපෘතිය සිදුකරන වගාකරැවන් ගේ වගාවන් නරබන්න තමයි සහභාගි වුනේ.ඒ හෙට්ටිපොලෙන් හැරිල ගියාම හම්බවෙන හාතලව කියන ගමේ සණස සමිතියක සාමාජිකයන්ගේ වගාවක්.
      ඒ චාරිකාවෙදී වගාවට වලවල් කපා ගන්න තැන ඉදන් අස්වැන් අලවි කරන තැන දක්වාම සම්පූර්ණ අවබෝධයක් ලබාගන්න හැකියාව ලැබුණා.වගාව දැනට සිදුකරන ගොවි මහතුන්ගෙන්ම ඔවුන්ගේ ප්‍රායෝගික අත්දැකීම් දැනගන්න ලැබුණ නිසා වගාව සම්බන්ධව තිබුණු ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම් හොයාගන්නත් හැකියාව ලැබුණා.
      අනෙක් කාරනය පොල් වගාකල ඉඩමක යටිවගාවක් ලෙස වගාකල වැල් දොඩම් වගාවක් වගේම.තනි ඉඩමක වගාකල වගාවක් නරමන්න හැකියාව ලැබීම ප්‍රයෝජනවත් වුණා.මොකද චාරිකාවෙ යෙදුන බොහෝදෙනෙකුට පොල් ඉඩමෙම යටිවගාවක් විදියට තමයි වගාව සිදුකරන්න වෙන්නෙ.මොකද වෙන වගාවක් නැති ඉඩම් වැඩි පිරිසකට නැති නිසා……
      ඒ චාරිකාවෙන් පස්සෙ,දැන් පිරිසක් වලවල් කපල සූදානමෙන් ඉන්නවා හා හා පුරා කියල වගාවේ පැල හිටවන්න.ඒත් වැස්ස ටිකක් අඩු නිසා වැහි පොදක් වැටෙනකල් බලාගෙන ඉන්නවා……..ඒ වැස්ස අපිට ඉක්මනටම ලැබේවි…
                            


      Add caption

                        

      ..

ඔබගේ ව්‍යාපාරය ගැන ඔබම විමසන්න


හතු පිපෙනවා වගේ ව්‍යාපාරනම් පටන් ගන්නවා.ඒත් ඒ එකක්වත් සාර්ථක වෙන්නෙ නැ.අසාර්ථක වෙන ගොඩදෙනෙක් කියන්නෙ බිස්නසුත් වුනා,,සල්ලිත් ආවා,,ඒත් බිස්නස් එක පාඩුයි…ඒ නිසා වහල දැම්මා කියල තමයි.
කොහොම වුනත් අපේ රටේ ආරම්භ කරන සුලු පරිමාන ව්‍යාපාර ඉතා ඉක්මනින් වැසී යාම ව්‍යාපාර සංවර්ධන ක්ෂේත්‍රෙය් බර පතල ගැටලුවක්.මේ විදියට ව්‍යාපාර වැසී යාමට හේතු හොයාගෙන යද්දි ඒ සදහා බලපාන ප්‍රධාන හේතු කීපයක් තියනවා….
කොහොම වුනත් ඒ හේතු හොයන්නට තමන්ගෙ ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ ප්‍රශ්ණ 20 ට කෙනෙකු ලග තියෙන පිළිතුර ගොඩක් වැදගත්…..
බලන්න මේ ප්‍රශ්ණ වලට පිළිතුරැ කොයිවගේද කියල……………..

01 – මුදල් පොතක් තබා ගන්නවාද ?
02 – තොග වාර්ථා පවත්වාගෙන යනවාද?
03 – ඔබගේ මාසික ගැණිලි කොපමණද කියා දන්නවාද?
‍්04 – මාසික ආදායම කොපමණද කියා දන්නවාද?
05 – මාසික ලැබීම් කොපමණද කියා දන්නවාද?
06 – මාසික වියදම් කොපමණද කියා දන්නවාද?
07 – මාසික ගෙවීම් කොපමණද කියා දන්නවාද?
08 – මාසික ලාභා ආලාභ කොපමණද කියා දන්නවාද?
09 – ලෙජරයක් පවත්වාගෙන යනවාද?
10 – ශේෂ පිරික්සුමක් පවත්වාගෙන යනවාද?
11 – මාසික ක්ෂුද්‍ර මුදල් ප්‍රවාහය කොපමණද කියා දන්නවාද?
12 – වෙළද හා ලාභාලභ ගිණුමක් පවත්වාගෙන යනවාද?
13 – ස්ථාවර වත්කම් කොපමණද කියා දන්නවාද?
14 – ජංගම වත්කම් කොපමණද කියා දන්නවාද?
15 – මුලු වත්කම් කොපමණද කියා දන්නවාද?
16 – මුලු බාහිර ණය කොපමණද කියා දන්නවාද?
17 – අද දිනට ශුද්ද වත්කම් කොපමණද කියා දන්නවාද?
18 – අවම වශයෙන් දිනකට සෙවිය යුතු ආදායම කොපමණද කියා දන්නවාද?
19 – මාසික ආදායම් ඉලක්කය සාදාගන්නේ කෙසේද?
20 – ඉතිරි කිරීම ක්‍රමානුකූල පදනමකට සිදුකරනවාද?

අඩුම තරමෙ මේ ප්‍රශ්ණ ටිකට ඔව් කියන උත්තරේ නැත්නම් ඒ ව්‍යාපාරය වැහෙන එක වලක් වන්න බෑ.ව්‍යාපාර අසාර්ථක වුණ ගොඩ දෙනෙකුට මේ ප්‍රශ්ණ වලට තියෙන උත්තරේ තමයි නෑ කියන එක.මොකද ඒ අය හිතුවෙ එයාලගෙ හිතින් හැම දේම කරන්න පුලුවන් කියල.ඒත් ඒ මතය වැරදියි….
ඒ නිසා තරග කාරි ව්‍යාපාරය තුල ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට එන්නනම් මේ ප්‍රශ්ණ වටල ඔව් කියන උත්තරේ දෙන්න පුලුවන් විදියට හැදෙන්න වෙනවා..

ඒ ගැන කෙනෙකුට අවබෝධයතක් නැතිනම්,කරන විදියක් දන්නෙ නැතිනම්,තේරෙන් නැතිනම්,ඒ දේවල් කරන්කෙ කොහොමද කියල අපි කියල දෙන්න සුදානම්…………