හතු පිපෙනවා වගේ ව්‍යාපාරනම් පටන් ගන්නවා.ඒත් ඒ එකක්වත් සාර්ථක වෙන්නෙ නැ.අසාර්ථක වෙන ගොඩදෙනෙක් කියන්නෙ බිස්නසුත් වුනා,,සල්ලිත් ආවා,,ඒත් බිස්නස් එක පාඩුයි…ඒ නිසා වහල දැම්මා කියල තමයි.
කොහොම වුනත් අපේ රටේ ආරම්භ කරන සුලු පරිමාන ව්‍යාපාර ඉතා ඉක්මනින් වැසී යාම ව්‍යාපාර සංවර්ධන ක්ෂේත්‍රෙය් බර පතල ගැටලුවක්.මේ විදියට ව්‍යාපාර වැසී යාමට හේතු හොයාගෙන යද්දි ඒ සදහා බලපාන ප්‍රධාන හේතු කීපයක් තියනවා….
කොහොම වුනත් ඒ හේතු හොයන්නට තමන්ගෙ ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ ප්‍රශ්ණ 20 ට කෙනෙකු ලග තියෙන පිළිතුර ගොඩක් වැදගත්…..
බලන්න මේ ප්‍රශ්ණ වලට පිළිතුරැ කොයිවගේද කියල……………..
01 – මුදල් පොතක් තබා ගන්නවාද ?
02 – තොග වාර්ථා පවත්වාගෙන යනවාද?
03 – ඔබගේ මාසික ගැණිලි කොපමණද කියා දන්නවාද?
්04 – මාසික ආදායම කොපමණද කියා දන්නවාද?
05 – මාසික ලැබීම් කොපමණද කියා දන්නවාද?
06 – මාසික වියදම් කොපමණද කියා දන්නවාද?
07 – මාසික ගෙවීම් කොපමණද කියා දන්නවාද?
08 – මාසික ලාභා ආලාභ කොපමණද කියා දන්නවාද?
09 – ලෙජරයක් පවත්වාගෙන යනවාද?
10 – ශේෂ පිරික්සුමක් පවත්වාගෙන යනවාද?
11 – මාසික ක්ෂුද්‍ර මුදල් ප්‍රවාහය කොපමණද කියා දන්නවාද?
12 – වෙළද හා ලාභාලභ ගිණුමක් පවත්වාගෙන යනවාද?
13 – ස්ථාවර වත්කම් කොපමණද කියා දන්නවාද?
14 – ජංගම වත්කම් කොපමණද කියා දන්නවාද?
15 – මුලු වත්කම් කොපමණද කියා දන්නවාද?
16 – මුලු බාහිර ණය කොපමණද කියා දන්නවාද?
17 – අද දිනට ශුද්ද වත්කම් කොපමණද කියා දන්නවාද?
18 – අවම වශයෙන් දිනකට සෙවිය යුතු ආදායම කොපමණද කියා දන්නවාද?
19 – මාසික ආදායම් ඉලක්කය සාදාගන්නේ කෙසේද?
20 – ඉතිරි කිරීම ක්‍රමානුකූල පදනමකට සිදුකරනවාද?
අඩුම තරමෙ මේ ප්‍රශ්ණ ටිකට ඔව් කියන උත්තරේ නැත්නම් ඒ ව්‍යාපාරය වැහෙන එක වලක් වන්න බෑ.ව්‍යාපාර අසාර්ථක වුණ ගොඩ දෙනෙකුට මේ ප්‍රශ්ණ වලට තියෙන උත්තරේ තමයි නෑ කියන එක.මොකද ඒ අය හිතුවෙ එයාලගෙ හිතින් හැම දේම කරන්න පුලුවන් කියල.ඒත් ඒ මතය වැරදියි….
ඒ නිසා තරග කාරි ව්‍යාපාරය තුල ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට එන්නනම් මේ ප්‍රශ්ණ වටල ඔව් කියන උත්තරේ දෙන්න පුලුවන් විදියට හැදෙන්න වෙනවා..
ඒ ගැන කෙනෙකුට අවබෝධයතක් නැතිනම්,කරන විදියක් දන්නෙ නැතිනම්,තේරෙන් නැතිනම්,ඒ දේවල් කරන්කෙ කොහොමද කියල අපි කියල දෙන්න සුදානම්…………
No comments:
Post a Comment